සතුට තියෙන්නේ තමන් ළඟමයි.

 එක්තරා කැලෑවක කපුටෙක් සිටියා.මේ කපුටට සතුටින් ඉන්න ඕනේ උනේ.එයා හිතුවා ලස්සනම කුරුල්ලා තමයි මේ ලෝකේ ලස්සනටම ඉන්නේ කියලා. දවසක් එයා දැක්කා හරිම ලස්සන හංසයෙක් පොකුණක පිහිනමින් ඉන්නවා. කපුටා හංසයා ළඟට ගිහින් එයා ගිහින් කතා කළා.

" ඔයා හරිම ලස්සනයි. ඔයා ගොඩාක් සතුටින් නේද ඉන්නවා ඇත්තේ. අනේ මට ඒ සතුට ගැන කියා දෙන්න"

කපුටා ආයාචනා කෙරුවා.

"ගිරවෙක් මුණ ගැහෙනකම් මමත් එහෙම තමයි හිතාගෙන උන්නේ.ගිරවා හරිම ලස්සනයි, එයා ගී කියමින් හරිම සංතෝසෙන් ඉන්නේ.ගිරවා තමයි මේ ලෝකේ සතුටින්ම ඉන්න කුරුල්ලා"

කපුටා හිතනවා "හංසයා කියපු දේ හරි ,මගේ ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ ගිරවා ලඟ." කපුටා වහාම ගිරවා හොයාගෙන යනවා.

"ගිරවෝ, ඔයා තමයි මේ ලෝකේ ලස්සනම කුරුල්ලා.ඔයා ගොඩක් සතුටින් නේද?? "

" නැහැ කපුටෝ ,මට තියෙන්නේ පාට දෙකක් විතරයි.මොණරා පාට ගොඩාක් තියෙන ලස්සන කුරුල්ලෙක්.එයා මට වඩා සතුටින්"

කපුටගේ මීළඟ අරමුණ උනේ මොණරා හොයාගන්න එක.එයා දැක්කා සත්වෝද්‍යානයක මිනිස්සු පිරිවරාගෙන කූඩුවක් ඇතුලේ මොණරෙක් ඉන්නවා.සෙනග නැති වෙලාවක එයා මොණරට කිට්ටු වෙලා තමන්ගේ ප්‍රශ්නය ඉදිරිපත් කළා.

"යාලුවේ ඔයා හරිම ලස්සනයි,ඒක නිසාම හැමෝම ඔයා ගැන අවධානයෙන්, ඔයා හරිම සතුටෙන් නේද ඉන්නේ.මේ ලොකේ සතුටෙන්ම ඉන්න කුරුල්ලා ඔයා නේද??"

"ඔයා හරි මම තමයි මේ ලෝකෙව් ඉන්න ලස්සනම කුරුල්ලා. හැබැයි ලස්සන සතුටට කාරණාවක් නෙමෙයි.ඒ ලස්සන නිසාම මම හරිම දුකෙන් කූඩුවක හිර වෙලා.මම දකිනවා හරිම නිදහසේ ඉන්න ඔයා සතුටින් අහසේ එහෙ මෙහෙ පියාඹනවා.මම හැම වෙලාවෙම හිතනවා මට ඔයා වෙන්න උනා නම් කියලා"

කපුටට ඒ වෙලාවේ තේරුණා තමන් තමන් ගැනම ගොඩක් අවතක්සේරුවෙන් උන්නේ කියලා වගේම සතුට තියෙන්නේ තමන් ළඟමයි කියලා.ඒක අන් අය ළඟ හොයන්න යන එක බොරු වැඩක් කියලා.

අපිත් වෙලාවකට මේ කපුටා වගේ.අපි අපේ වටිනාකම හදුනගන්නේ නැහැ.ඒ වෙනුවට අනෙකා සතුටින් ඉන්නේ කොහොමද කියන එක ගැන වද වෙනවා.හැබැයි අමතක කරන්න එපා සතුට
තියෙන්නේ තමන් ළඟමයි.තමන්ගේ හිතවතුන් ළඟමයි.මේ මොහොතේ සතුටින් ඉන්න.ඒක තමයි වැදගත්ම.

Comments