එදිනෙදා ජීවිතය ගත කිරීමේදී අතිශයින්ම වැදගත් වන්නාවූ මූලික සමාජ් මනෝවිද්‍යා සංකල්පයක් වශයෙන් අන්තර් පුද්ගල සම්බන්ධතා හදුන්වාදිය හැකිය . අන්තර් පුද්ගල සම්බන්ධතාවයක් යනු පුද්ගලයන් එකිනෙකා කෙරෙහි ඇති කර ගන්නා බැදීම් ආශ්‍රිතව ඔවුනොවුන් තුළ පහළ වන හැඟීමයි.
සමාජ සත්ත්වයෙක් වන්නාවූ මිනිසා හට එකිනෙකාගෙන් හුදෙකලාවී ජීවිතය ගත කළ නොහැකි අතර ඔහු ස්වභාවයෙන්ම කණ්ඩායමක් වශයෙන් ජීවත් වීමට කැමැත්තක් දක්වයි. සමාජ ව්‍යුහයේ පදනම වශයෙන් මෙය හඳුන්වා දිය හැකිය. මන්ද යත් එකිනෙකා සමඟ අන්තර්ක්‍රියා දැක්වීම තුළින් සමාජය ගොඩ නැගෙන බැවිනි. එමෙන්ම කිසිදු මිනිසෙකුට අන්තර් පුද්ගල සම්බන්ධතා නොමැතිව ජීවත් වීම අපහසු වන බැවිණි.සෑම විටෙකම අනෙකාගේ අවදානය ,ප්‍රතිචාරය අපේක්ෂාවෙන් අපි විසින් සියලුම කර්තව්‍යයයන් සිදු කරන බැවිණි.
අපගේ ඉලක්ක අරමුණු සාක්ෂාත් කර ගැනීමට ,කායික ආකර්ශනය නිසාවෙන්, අවශ්‍යතා ඉටු කර ගැනීමට, සංස්කෘතික හේතූන් නිසාවෙන් ආදී බොහෝ කරුණු අන්තර් පුද්ගල සම්බන්ධතා සඳහා බලපානු ලබන අතර මෙම සබඳතා ගොඩ නඟා ගැනීම ආරක්ෂා කිරීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග ගතයුතු වන්නේය.මේ වූ කලී සමජ සන්දර්භය තුළ ජීවත් වීමයි.
අප විසින් අනෙකාට කරන්නාවූ හෙලා දැකීම්, අඩත්තේට්ටම්, අපහාස, කේලාම් ආදී දේ අන්තර් පුද්ගල සම්බන්ධතා පලුදු කිරීමට සමත් වන අතර මේ වෙනුවෙන් ඔබ අතින් මා අතින් ඉටු විය යුතු යුතුකම් වගකීම් සමුදායකි. ඉවසීම , කරුණාව , ආදරය, සමානාත්මතාව , පරාර්ථකාමිත්වය ආදී ගුණාංග වර්ධනය කර ගැනීම ඒ සඳහා මනා පිටු වහලක්ම වන්නේය.
Very important article ❤️👍
ReplyDelete