එක් දවස්ක වත්තක් ලගින් යන මනුස්සයෙක් දකිනවා ඒ වත්තේ ඇතෙක් බැදලා ඉන්නවා.ඒ ලග ඇත් ගොව්වත් ඉන්නවා.සාමාන්‍යයෙන් ඇතෙක් වගේ සතෙක් දැකපුවාම මිනිස්සු හරි විමසිලිමත්නෙ.ඉතින් හොදට ඇතා දිහා බලපු මේ මනුස්සයා දකිනවා මේ ඇතා බැදලා තියෙන්නේ පොඩි දම්වැලකින්.ලේසියෙන්ම ඇතාට මේක කඩාගන්න පුලුවන්.මේක දැක්කම මේ මනුස්සයා බය වෙලා ඇත් ගොව්වාට කතා කරලා කියනවා “ බලන්නකෝ ඔයා කරන්නේ මොන තරම් වැරදි වැඩක්ද?මේ ඇතා මේ දම්වැල කඩාගත්තොත් මොන විනාසයක්ද වෙන්නේ.ඇයි හයිය දම්වැලකින් ඌව බදින්නේ නැත්තේ” කියලා.ඇත්ගොව්වා හිනා වෙනවා.හිනා වෙලා කියනවා” මහත්තයා මූව පොඩි කාලේ බැදලා තිබුනෙත් මේ දම්වැලෙන්මයි,ඌ ඒ කාලේ උත්සාහ කළා ඇදලා ඇදලා ඒක කඩන්න.හැබැයි ඌ පොඩි නිසා ඌට ඒක කරන්න බැරි උණා.පස්සේ ඌ උත්සාහ කරන එක නතර කරලා දැම්මා.දැන් කීයටවත් ඌ දම්වැල කඩන්නේ නෑ.මොකද ඌ තවමත් හිතන්නේ උට ඒක කඩන්න බෑ කියලා.
අපිත් වෙලාවකට මේ ඇතා වගේ.එක පාරක් යම් කිසි දෙයක් වැරදුනාම ඒක අපිට බෑ කියලා අපි හිතනවා.සමහර වෙලාවට උත්සාහ නොකරම අයියෝ අපිට ඕක බෑ කියලා හිත හදා ගන්නවා.සමහර වෙලාවට තව කෙනෙක් කියන දෙයක් මත අපි තීරණය කරනවා අපි ට ඒක බෑ කියලා.අපි අපේ ගොඩාක් හැකියාවන් දම්වැල් වලින් බැදලා තියාගෙන ඉන්නවා පුලුවන්ද බැරිද කියලා උත්සාහ කරන්නේවත් නැතුව.
නමුත් හැම වෙලාවෙම මේ ලෝකය වෙනස් කළේ,අලුත්දෙයක් හොයාගත්තේ තම තමන්ගේ මානසික දම්වැල් කඩාගෙන ඉදිරියට ගිය මිනිස්සු.තමන් ගැන තමුන්ගේ ශක්තිය ගැන විශ්වාස කළ මිනිස්සු. පීනන්න උත්සාහ කරන්නෙවත් නැතුව පීන්නන්න බෑ කියලා කියන්න බෑ .ඉංග්‍රීසි කතා කරන්නේ නැතුව ඉංග්‍රීසි බෑ කියලා කියන්න බෑ .හරි යයිද වරදියිද කියලා පේන බල බල ඉන්නේ නැතුව උත්සාහ කරන්න ඕනේ.අපි කිසිම කෙනෙක් වැටෙන්නේ නැතුව එක පාර ඇවිද්දේ නෑ.වැටි වැටි හරි වැරදි වැරදි හරි තමන්ගේ ජීවිතෙ ගොඩනගාගන්න මානසික දම්වැල් කඩාගෙන ඉදිරියට යෑමයි කළ යුත්තේ .
ගහක අත්තක වහලා ඉන්න කුරුල්ලා අත්ත ක්ඩන් වැටුනත් බය නෑ.මොකද ඌ තමනේ අත්තටු විශ්වාස කරනවා අත්තට වඩා.තමන් ගැන විශ්වාස කරන්න.නොහැක්කක් නොමැතිබව සිතා පෙරටම යන්න.
ගීතානි අයේෂා
Comments
Post a Comment