"විවාහය" පිළිබදව හරි අපූරු නිර්වචන , කතන්දර අද වෙනකොට සමාජ සන්දර්භය ඇතුලේ ඇති පදමට දෝලනය වෙනවා.පිරිසක් විවාහ වෙන්න පෙරුම් පුරාගෙන ඉන්නකොට තවත් පිරිසක් විවාහයෙන් ගැලවෙන්න උත්සාහ කරනවා.සමාජ පර්යේෂකයන් ප්‍රකාශ කරන අන්දමට විවාහ වන පුද්ගලයන්ගෙන් විශාල පිරිසක් වසරක් ගත වීමට පෙරාතුව දික්කසාදය සදහා පියවර ගන්නවා.
මේ විදියට පෙරුම් පුරාගෙන ,ලක්ෂ ගණන් වියදම් කරගෙන විවාහ වෙන්නේ අපි දහසකුත් එකක් බලාපොරොත්තු තියාගෙන.ඒ විවාහය මියෙන තුරාවට පවත්වගෙන යන්න ඔයා සූදානම්ද.? එහෙනම් පහත දේවල් ඔයා වෙනුවෙන්
❤️ සහයෝගය -
මේක emotional support කියලා හදුන්වනවා .අපිට පුලුවන් වෙන්න ඕනේ අනෙකාට සහයෝගය දක්වන්න.විවාහය කියන්නේ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව විශාල අභියෝගයක්.තනිව නිදාගත් යහනේ ඉදන් සියලුම දේ බෙදාගන්න වෙන මේ අලුත් ජීවිතේදි අපිට එකිනෙකාගේ සහය හරිම වැදගත්. භෞතිකව එදිනෙදා ක්‍රියාකාරකම් වලට වගේම එකිනෙකාගේ හැගීම් වලටත් සහය දෙන්නම ඕනේ." අප්පෝ !! ඕක අඩන්නත් දෙයක්ද? බබෙක් වෙන්න එපා" කියනවට වඩා "ඔයාට දුක හිතුනද? දුක් වෙන්න එපා" කියන දේ හරිම වටිනවා. අනෙකාගේ දුක,සතුට ,මහන්සිය මේ සියල්ල සදහා සහය දෙන්න ඔයාට පුලුවන්නම් ඔයා සාර්ථකයි.
❤️ අවංක සහ ඵලදායී සන්නිවේදනය
වහෙන් ඔරෝ භාශාව හැම වෙලාවෙම හැම තැනටම ගැළපෙන්නේ නැහැ.ඒ වගේමයි හිතේ එකක් තියාගෙන කටින් තව එකක් කියන්න කියන්න හිතේ තියෙන දේ නිසා අපි විදවනවා සෑහෙන්න.හිතේ තියෙන දේම සාමකාමීව ප්‍රකාශ කරලා හිත නිදහස් කරගන්න.ඔයාලගේ ලිංගික ජීවිතේ තියෙන අඩුපාඩු යාලුවන්ට නොකියා ඔය දෙන්නා ඒක කතා කරලා විසදගන්න.
❤️ සහකරුවාගේ දුර්වලතා වටහා ගැනීම
සමහර වෙලාවට අපි යාලුවෙලා ඉන්න කාලේ අපි අපේ සහකරුවාගේ වැරදි අඩුපාඩු දුර්වලතා අත් දකිනවා.නමුත් අපි " බැන්දම මම ඕක හදාගන්නම්කෝ " කියන සිතුවිල්ලෙන් තමයි විවාහ දිවියට එළබෙන්නේ.අපි විවාහ වෙන්නේ මානසිකව අපි වෙනස් කර ගත්තු මනුස්සයා එක්ක මිසක් වර්තමානයේ ජීවත් වෙන පුද්ගලයත් එක්ක නෙමෙයි.නමුත් විවාහ උණාම තමන්ගේ මනසේ ඉන්න කෙනා හැටියට සහකරුවා වෙනස් නොවුනම අපිට අපේ විවාහ ජීවිතේ එපා වෙනවා.
❤️ ගෞරවය
හැම මනුස්සයම තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගන්න සෑහෙන්න උනන්දු වෙනවා. තමන්ට ගෞරවයක් නොලැබෙන තැනක රැදෙන්න කිසි කෙනෙක් කැමති වෙන්නේ නෑ.ඔයා ඔයාගේ සැමියාට, බිරිදට ලබා දිය යුතු ගෞරවය ලබා දෙන්නේ නැත්නම් ඔහු හෝ ඇය තවමත් ඔබත් සමග ඉන්නේ නීත්‍යානුකූල බැදීම පමණක් නිසාම බව හිතන්නේ.
මොනම මොහොතකවත් තම දරුවන් ඉදිරිපිට , තම යහලුවන් ඉදිරිපිට තම නිවැසියන් ඉදිරිපිට තමන්ගේ සහකරුව විවේචනයට ලක් කරන්න එපා.
❤️ පාලනය නොකිරීම
අපි හරි දක්ෂයි තව කෙනෙක්ව පාලනය කරන්න.නමුත් තමන්ගේ සහකරුවාගේ නිදහසට අනවශ්‍ය බාධා එල්ල කරමින් ඔහුව , ඇයව පාලනය කරන්න කිරීම තුළින් ඔවුන් අපෙන් ඈත් වෙන බව අමතක කරන්න එපා.විවාහ වුණා කියලා 100%ම අනෙකාගේ ජීවිතයට බලපෑම කරන්න අපිට නොහැකි බව අමතක කරන්න එපා.
Comments
Post a Comment