"ඔබ දුප්පත්ව ඉපදීම ඔබේ වරදක් නොවේ, නමුත් ඔබ දුප්පත්ව මිය යාම ඔබේ වරදකි" මෙහෙම කිව්වේ ලෝකේ ධනවතුන් අතර ඉහළින් වැජඹෙන බිල් ග්‍රේට්ස් . සත්‍ය වශයෙන්ම අතිබහුතරයක් වූ පිරිසකගේ අපේක්ෂාව සාර්ථකත්වයට පත් වෙන එක.නමුත් ඉපදෙන යන බහුතරයක් දෙනා මිය යන්නේ සාර්ථකත්වය සිහිනයක්ම පමණක් කොටගෙන. සාර්ථක වෙන්න සිහින දැක්කට ඇයි හැමෝම සාර්ථක නොවෙන්නේ මොන හේතුවක් නිසාද? ජීවිතේ දියුණුවුන, සාර්ථකත්වයට පත් වුන පුද්ගලයන්ගේ ජීවිතේ ඔවුන්ටම අනන්‍ය වුන හරි අපූරු කරුණු ඇති අතරේ ඒවා තමන්ගේ ජීවිතේට අනන්‍ය කර ගත්ත නිසා දියුණුවෙන් දියුණුවට පත් වූ බව ප්‍රසිද්ධ රහසක්.
• ඍණාත්මක අදහස් දරන්නන්ගෙන් වලින් ඈත් වෙන්න.
ඍණාත්මක අදහස් වලට කරන්න පුලුවන් බලපෑම අති විශාලයි.හැම වෙලාවෙම "නැහැ ,බැහැ" කියනන පුරුදු වුන පුද්ගලයන් අපේ ජීවිත වලට වචනයෙන් ඉතා දැඩි හානියක් කරනවා."ඕකනම් ඔයාට කරන්න බැහැ " කියලා සිය දහස් වතාවක් මුමුණන පුදගලයෙක් එක්ක ඔයාට සාර්ථක ගමනක් යන්න හරි අමාරුයි.හැකි තාක් එවැනි අදහස් දරන්නන්ගෙන් ඈත් වෙන්න.
• තමන්ට ආදරය කරන්න
තමන්ට ආදරය කරන පුද්ගලයාට මුලු ලෝකෙටම ආදරේ කරන්න හැකියාව තියෙනවා.තමා නොසතුටින් නම් අන් අය සතුටින් තියන්න අපිට පුලුවන් කමක් නැහැ.අනෙකා තුළ සතුට වගා කිරීමට පෙරාතුව තමා සතුටින් සිටීම අනිවාර්යය වන අතරෙම ඒ වෙනුවෙන් තමන්ට ආදරය කරන්න පටන් ගන්න.කිසිම වෙලාවක තමන්ගේ ජීවිතේට තමන්ගේ ප්‍රතිරූපයට හානි වෙන කිසිම දෙයක් කරනන් එපා.
• සිහින අත් නොහරින්න
හැම වෙලාවෙම මේ ලෝකේ අලුත් දෙයක් කෙරුවේ , නව්‍ය ආකරයෙන් ලෝකේ දැක්කේ සිහින දැකපු මිනිස්සු.ඒ වගේම ඒ සිහිම මත්තෙම එල්ලිලා හිටපු මිනිස්සු.කොච්චර වැටුනත් සිය සිහිනය වට්ට නොගත්තු මිනිස්සු.බල්බ් එක හොයා ගත්තු තෝමස් අල්වා එඩිසන් 999 වාරක් අසාර්ථක උනත් සිය සිය සිහිනය අත් නොහැර ගත් බව අමතක කරන්න එපා.
Comments
Post a Comment