මිනිසුන් ආකර්ශනය කර ගැනීම 01

ඇමරිකානු ලේකකයෙකු වූ ඩේල් කානගී විසින් ලියන ලද " How to win friends and influence people" ග්‍රන්ථය අද වන විට ලෝකයේ පොත් වෙළදාම සම්බන්දයෙන් විශිෂ්ට වාර්තා පිහිටුවා ඇත්තේය.එමෙන්ම විදේශීය භාෂා 24කට අධික ප්‍රමාණයකට පරිවර්තනය වී ඇත්තේය.

මිනිසුන් අතර මෙම පොත සඳහා මෙබඳු ආකර්ශනයක් ඇති වීමට හේතු මොනවාද? බොහෝ අවස්ථාවන්හිදී අප විසින් කරනු ලබන යම් යම් දේ වැරදී යන්න ප්‍රධානතම හේතුව තමයි ඒ සඳහා ගැලපෙන පරිදි අපිට මිනිසුන් ආකර්ශනය කර ගැනීමට ඇති නොහැකියාව. මිනිස්සුන්ගේ සිත් දිනා ගන්න අපි අදක්ශයි.

ලොව සියලු දෙයටම කලාවක් තියෙනවා වගේ මිනිසුන්ගේ සිත් දිනා ගැනීමත් එක්තරා අන්දමක කලාවක්.කම්කරුවගේ පටන් ජනාධිපති දක්වා සියලුම තනතුරු දරන්නන් සදහාත් පවුල් ජීවිත සාර්ථක කරගැනීම සඳහාත් මිනිසුන්ගේ සිත් දිනා ගැනීම මේ පිළිබදව අපූරුවට ඩේල් කානගී මහත්මයා සදහන් කරනවා. මිනිසෙක් ලවා අපට අවශ්‍ය කාර්‍යය කර ගැනීම සඳහා වඩාත්ම සුදුසු ආකාරය වන්නේ ඔහු අප කෙරෙහි ආකර්ශනය කරවා ගැනීමයි.මුලු මහත් ලොවක් පිළිගත් මිනිසුන් ආකර්ශනය කර ගැනීමේ නීති ඉගෙන ගනිමු.ඒ අනුව එකින් එක සතියකට එක බැගින් අත්හදා බලමු.

පළමුවන නීතිය -

කිසිම අවස්ථාවකදී කිසිවෙකුගේ ගුණ දොස් විවේචනය නොකළ යුතුය.

මනුෂ්‍ය ස්වභාවයට අනුවම ඕනෑම පුද්ගලයෙක් තමන් හට දොස් පවරනවාට අකමැති වෙයි. ඕනෑම වරදක් කළ අයෙක් තමාට හැර අන් සියලුම දෙනාට දොස් කියයි. එබැවින් ඔබ විසින් අනුන්ගේ දොස් කීමෙන් අනුන්ගේ දොස් විවේචනය කිරීමෙන් කිසිදු යහපතක් අත් නොවන අතර වන එකම දේ මිනිසුන් ඔබ සමඟ අහිතවත් වීම පමණි.

ඒබ්‍රහම් ලින්කන්ගෙන් මේ සඳහා කානගී උදාහරණයක් සපයයි. එක් දිනෙක සිය සෙනෙවියෙකුගේ අත්වැරැදීමක් සම්බන්දයෙන් ලින්කන් දැඩිව කෝප ගත්තා. ඔහු සෙනෙවියාට බැන වදිමින් ලිපියක් ලිව්වේ ඒ වැරද්ද හුවා දක්වන ගමන්. මේ ලිපිය දුටු සෙනෙවියා කුමක් කරන්න ඇත්ද? නමුත් සත්‍යනම් එම සෙනෙවියා කවදාවත් ඒ ලිපිය නොදුටු බවයි. ලින්කන් තමන්ගේ කෝපය පහ කර ගැනීමට ලිපියක් ලිව්වත් ඒ ලිපිය සෙනෙවියාට ලබා නොදුන්නේ ලබා දීකෙන් පලක් නැති නිසා. ගුණ දොස් විවේචනයෙන් කිසිම යහපතක් අත් නොවන නිසා.

එහෙනම් මිනිස්සු දිනා ගන්නා පළමු ක්‍රමය වෙන්නේ කිසිම අවස්ථාවකදී කිසිවෙකුගේ ගුණ දොස් විවේචනය නොකිරීමයි.

Comments