"බලාපොරොත්තු පමණක් තිබීම ප්‍රමාණවට් නොවේ.ඒ වෙනුවෙන් වැඩ කළ යුතුය." - බෲස් ලී-

අපි හැමෝටම මහ මෙරක් උසට බලාපොරොත්තු තියෙනවා.

"මම ගෙයක් හදාගන්න ඕනේ
වාහනයක් ගනන් ඕනේ
හොඳට ඉගෙන ගනන් ඕනේ
හොඳ රස්සාවක් කරන්න ඕනේ"

මේ ඔක්කොම බලාපොරොත්තු . පුංචි ළමයෙක්ගේ ඉදන් මහල්ලා දක්වාම බලාපොරොත්තු පොදි බැදගෙන අපි ජීවත් වෙන්නේ.ඒ උනාට මේවයින් ඉටු වෙන්නේ කීයෙන් කීයද?

ලෝකයේ අති දක්ශ සටන් කරුවෙක් උන බෲස් ලී දිනක් මෙසේ ප්‍රකාශ කරනවා.

"බලාපොරොත්තු පමණක් තිබීම ප්‍රමාණවට් නොවේ.ඒ වෙනුවෙන් වැඩ කළ යුතුය."

බෲස් ලී

අපේ ජීවිත කතාව ලියලා ඒක අලංකාර කරගන්න එකේ වගකීම තියෙන්නේ අපිටමයි.උපතින්ම ධනවතුන් වෙලා ඉපදුන අයට වඩා බලාපොරොත්තු ඔස්සේ සිය ජීවන ගමන් මග නිර්මාණය කරගත් පුද්ගලයින් තමයි මේ ලෝකේ ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන්නේ. සියල්ල ඉරණමට බාර දීලා බලාපොරොත්තු විතරක් තියාගෙන ජීවත් වෙන්නේ නැතිව අදම ඒ වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න.
කියන්නේ ලෝක පූජිත සටන් කරුවෙක්, සටන් නලුවෙක් , සටන් ගුරුවරයෙක්, තමන්ටම අනන්‍යවූ සටන් කලාවක් බිහි කරවූවෙක්, සටන් කලාව පිළිබඳ පර්‍යේෂකයෙක්. මේ වෙනතෙක් ඔහු පැමිණ තිබූ ගමන විල්ලුද බුමුතුරුණු මතින් ආ ගමනක් නෙවෙයි. දහසකුත් එකක් බාධා එන සෑම අවස්ථාවකදිම සිය අරමුණ අත නොහැර ඒ වෙනුවෙන් වැඩ කිරීම තුළින් සිය බලාපොරොත්තු සඵල කරගත් බෲස් ලී ඒ වෙනුවෙන් තමාටම පනවා ගත් නීති රීති පද්ධතියක් ඇතුලේ වැඩ කිරීම නිසා ඒ තත්වය ලඟා කරගත්තෙක්.

Comments