ඔයාට ගෙයක් හදන්න සිහිනයක් තියෙනවා නම් ඔයා පළමුවෙන්ම කරන්නේ තමන්ගේ ඉඩමට සහ තමන්ගේ අවශ්‍යතාවයන්ට ගැළපෙන සැලසුමක් ඇද ගන්න එක. ඒ සැලසුමට අනුකූලව තමයි ඉදිරි ක්‍රියාමාර්ග සියල්ල කරන්නේ.
ඒ වගේම සෑම රටකටම ආයතනයකටම වාර්ෂික සැලසුම් තියෙනවා.දවස් ගණන් කැප වෙලා වාර්ෂික සැලසුම් සකස් කරනවා. එයට අනුකූලව ඉදිරි වර්ෂය තුළ ක්‍රියාත්මක වෙනවා.
සැලසුමක් තියෙන තැන වැඩ නිරවුල්ව කිරීමට හැකියාවක් තියෙනවා වගේම පැහැදිලි අරමුණක් සහිත නිසා කාරයයන් පහසු වෙනවා. ඒ අරමුණු වලට ලඟා විය යුතු මාවත ඒ අනුව පියවරෙන් පියවර කිරීමේ හැකියාව ලැබෙනවා මේ අරමුණ නිසා. ඒ වගේම නිශ්චිත සැලසුම නිසාවෙන් කාලය කළමනාකරණ කරමින් ඵලදායීව නිවැරදි දේ නිවැරදිව කිරීමේ ශක්‍යතාවය වැඩි වෙනවා.ඒ අනුව සැලසුම අතිශයින්ම වැදගත් කාරණයක්.
නමුත් , අපි අන් සියලු දේ සැලසුම් කරන අතරේ අපේ ජීවිතේ සැලසුම් කර ගැනීමට කාලය කැප කළ යුතුමයි. මේ වෙනකොට ඔයාට ඔයාගේ ඉදිරි ජීවිතේ ගැන සැලසුමක් තියෙනවද?? පිළිතුර "නැහැ" නම් අදම පටන් ගන්න.
මේක උන් හිටි ගමන් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. වැඩ කටයුතු වලින් සුලු මොහොතකට අත් මිදිලා ඒ සඳහාම කැප වෙන්න. කොළයක් පෑනක් අරගෙන වැඩේට බහින්න. ඔයාගේ ජීවිතේ හීන් මොනවද?? ඒ කොළේ ලියන්න. ඒවා කෙටි කාලීන දිගු කාලීන විදියට වර්ග කරගන්න. තව අවුරුද්දකින් මම මොකද කරන්නේ. දෙකකින් මම මොන තත්වෙද ඉන්න ඕනේ. එහෙන්ම් ඒ වෙනුවෙන් කරන්න ඕනේ දේවල් කොළේ ලියන්න.
ඔයාට මොනවා හරි බෝ නොවන රෝග තියෙනවද? ප්රවේණිගතව ජාන වලින් එහෙම රෝගයක් වැළදෙන්න ඉඩ කඩ තියෙනවද? එහෙනම් ඒ වෙනුවෙන් කරන්න ඕනෙ දේවල් ලියන්න.
ඔයා රැකියාවක් කරනවද? ඒ රැකියාවෙන් තව අවුරුදු 20 කින් 30කින් ඔයා විශ්‍රාම යනකොට ඔයාට විශ්‍රාම වැටුපක් තියෙනවද? එහෙම නැත්නම් දැන්ම විශ්‍රාම දිවිය සැලසුම් කරන්න.ඒ වෙනුවෙන් තැම්පතුවක් අරඹන්න.
උපයන මුදල ඔයාගේ වියදම් වලට මදිද? ඒකට දේශපාලනයට සාප කිරීමෙන් මේ පලක් නැහැ . අමතර ආදායම් මාර්ගයක් වෙනුවෙන් ප්‍රායෝගික සැලසුමක් සකස් කරන්න.
තවත් ඉගෙන ගන්න ආසාවක් තියෙනවද? මොනවද ඉගෙන ගන්නේ? කොහෙන්ද? කියන එක තීරණය කරන්න. ඒ වෙනුවෙන් මුදල් තැම්පතුවක් ආරම්භ කරන්න සැලසුමක් හදාගන්න.
දැන් කොළේ පිරෙන්න ලියලා ඇති.ඔය අතරෙන් ලබන අවුරුද්ද ඇතුළත අනිවාර්යයෙන්ම ආරම්භ කළ යුතු හෝ අවසන් කළ යුතු දේ වෙනම ලියාගෙන ඔයාගේ ඉදිරි වාර්ෂික සැලැස්ම හැටියට සකස් කරලා හොදට පේන තැනකින් තියා ගන්න.
අපි අනුන් වෙනුවෙන් ගොඩක් දේවල් සැලසුම් කරනවා. තමුන් වෙනුවෙන් ඒ දේ කරන්න ඔයා ප්‍රමාද නැහැ. මේ දැන්ම ක්‍රියාත්මක වෙන්න.හොදම වෙලාව මේ වෙලාව.
https://www.facebook.com/Be-Different-1387712797942883

Comments
Post a Comment