"මම ලස්සනයිද?? මාව ලස්සනට පේනවද? මම ආකර්ශනීයයිද?? "
අපි හැමෝම ස්ත්‍රී පුරුෂ භේදයක් නොමැතිව අපේ භාහිර කඩවසම් පෙනුම ගැන සැලකිලිමත් වෙනවා. බහුතරයක් වෙලාවට අපි ගොඩක් දේවල් කරන්නේ අපේ පෙනුම ගැන හිතලා. මම දන්නා එක්තරා කාන්තාවක් තමන් ගන්න කුඩේ වර්ණය ගැන පවා විමසිලිමත් . කහ පාට කුඩේ යටින් යනකොට මාව ලස්සනට පේනවා.ඒක නිසා කහ පාට කුඩ විතරයි මම ගන්නේ."
ඇත්තටම ලස්සන කියන්නේ මොකක්ද? ලස්සන තියෙන්නේ බලන කෙනාගේ ඇහේ. ලස්සන සම්බන්ධයෙන් ඉතාමත් නිවැරදිම අර්ථ දැක්වීමක් විදියට ඒ දේ හඳුන්වන්න පුලුවන් . නමුත් යම් පුදගලයෙක් දුටු සැනින් ඒ පුද්ගලයාගේ භාහිර පෙනුමෙන් අපි ඒ පුදගලයාව මනින නිසා භාහිර පෙනුම කියන කාරණාව ඔයාට මට අතිශයින්ම වැදගත්.
අතීතයේ සිටම මිනිසුන් සිය බාහිර පෙනුම පිළිබ්ඳව සැලකිලිමත් වුනා. නමුත් වත්මන් වෙළද ආර්ථිකය ඇතුළේ මේක දැන් මාර්කට් වෙලා. මිනිස්සු විශාල වශයෙන් සිය බාහිර පෙනුම සඳහා මුදල් වියදම් කරනවා. කඩවසම් පෙනුම ඇති කර ගන්න මුදල් ඕනෙද? ? රූපලාවණ්යගාරයකම පිහිට පතන්න ඕනෙද? ඒ සඳහා නිර්ණායකය තියෙනවාද? උපතින්ම මිටි නම්, උස නම් , කලු නම් ඒ පුද්ගලයා ලස්සන , කඩවසම් නැතිද? එයාට පුද්ගල ආකර්ශනය දිනාගන්න බැරිද? ඔයා ඔයාගේ ශරීරයේ ප්‍රමාණය නිසා ,වර්ණය නිසා සිත් පීඩාවකින්ද ඉන්නේ?? එහෙනම් මේ ලිපිය ඔයාටමයි.
කෙනෙක් උපතින් මොන ස්වරූපයෙන් උන්නත් එයාට පුද්ගල ආකර්ශනය දිනා ගන්න පුලුවන්. අත් කකුල් සියල්ල නැතිව ඉපදුන නික්ට අද වෙනකොට මුලු ලේකෙම ආදරේ කරනවා ,එයා ලොවක් ආකර්ශනය කර ගන්නවා.එහෙනම් ඒ සියල්ල තියෙන ඔයාට ඒක මහ දෙයක් නෙමෙයි.
• පිරිසිදුකම
මම දන්න දක්ෂ රූපලාවණ්‍ය ශිල්පියෙක් ඉන්නවා. එයා බොහෝ රංගන ශිල්පිනියන් හැඩ ගන්වනවා. ඔහු එක් රංගන ශිල්පිනියක් ගැන කතා කලේ හරිම අප්‍රසාදයෙන්. අපෝ එයාගේ මූණ විතරයි ලස්සන. අතේ නියපොතු වල ක්යුටෙස් යටින් කුණු තට්ටු . කෙනෙක්ගේ ආකර්ශනයට එම පුද්ගලයාගේ පිරිසිදුකම වෙසෙවින් බලපානවා.මොනතරම් වටිනා කියන ඇදුම් ඇඳ පැළදෙගෙන උන්නත්වැඩක් නැහැ ඔහු ළගින් දහදිය ගඳ වහනය වෙනවා නම්. සමහර පුද්ගලයන් තියෙන එක ඇදුම දිනපතා සෝදලා මැදලා හරිම පිරිසිදුවට එනවා. මිල මුදල් වැය කරපු අය ලඟ නැති ආකර්ශනයක් පිරිසිදු පුද්ගලයා ලඟ තියෙනවා. තම ශරීරය ,තම ඇදුම් පැළදුම් ,සුවද විලවුන් ආදිය ගැන ඉතාම සැලකිලිමත් වෙන්න.
• සිනහව
පියකරු සිනහවට ආකර්ශනය නොවෙන පුදගලයෙක් නැති තරම්. ඕනෑම පුද්ගලයෙක්ට වටිනා ආභරණයක් විදියට පියකරු සිනහව භාවිතා කරන්න පුලුවන්. හොඳට ඇදලා පැලදලා , සිය රූපයට සෑහෙන්න වියදම් කරන සමහර පුද්ගලය ඉන්නවා , මූනේ සුහද සිනා පොදක් නැති .ආර්ථිකමය වාසියකට විතරක් සිනා සෙන පුදගලයන් කිසිවෙකුගේ ආකර්ශනය දිනා ගන්න සමත් වෙන්නේ නැහැ. සිනහව ඔබේ සුන්දරත්වය ද්වීගුණ කරන්න සමත් වන බව අමතක කරන්න එපා.
• ආචාර සම්පන්න බව
ජපන් ජාතිකයන්ට මුලු මහත් ලෝකවාසීන්ම හරිම කැමතියි.ඒකට හේතුව ඔවුන්ගේ ආචාර සම්පන්න බව. තනතුරු තානාන්තර , පංති භේද නොසලකා මිනිස්සුන්ට ආචාරශීලී වෙන්න. සුභ උදෑසනක්, ස්තූතී, සමාවෙන්න වැනි වදන් ඔබට මිනිසුන් ආකර්ශනය කරවන්නේ නිරායාසයෙන්.
• චාම් බව
සාමාන්‍යයෙන් තමන් ලඟ තියෙන සියලු ආභරණ , මේකප් වර්ග තැන නොතැන නොබලා භාවිතා කිරීමෙන් ඔබේ ලස්සනට හානි වෙනවා. හැකි තාක් චාම් බව ආරක්ශා කළ යුතුයි. තැනට උචිත සේ ඇදුම් පැළදුම් භාවිතා කරන්න අමතක කරන්න එපා. නිය ආලේපන ,තොල් ආලේපන ආදිය පවා අවස්ථාවට උචිත සේ ගැලපීම ඔබේ සුන්දරත්වය වර්ධනය කරනවා.
https://www.facebook.com/Be-Different-1387712797942883

Comments
Post a Comment