මිනිසුන් ආකර්ශනය කර ගැනීම 03

සෑම ග්‍රීෂ්ම ඍතුවකදීම මම මසුන් බෑමට නදී තීරය කරා යමි. මා ගැන සලකා බලන විට ස්ට්‍රෝබැරීස් නම් පළතුරු වලය මා ඉතා කැමති ය . එහෙත් කිසියම් හේතුවක් නිසා මසුන් පණුවන්ට කැමැති බව මම දැන ගතිමි. එහෙයින් මම මසුන් බාන්ට යන විට මට වුවමනා දෙය ගැන නොසිතමි. මා බිලී කටුවට ස්ට්‍රෝබැරීස් හෝ ක්‍රීම් අමුණන්නේ නැත. ඒ වෙනුවට මම පණුවෙකු හෝ වෙනත් කුඩා මසකු බිලී කටුවේ අමුණා එය මත්ස්‍යයා ඉදිරියේ අද්දමින් " ඔබ මෙය ලබා ගැනීමට කැමැති නැද්ද්? " යි අසමි.

ඩේල් කානගී සිය සිත් ගැනීම නම් ග්‍රන්ථය තුළ මිනිසුන්ගේ සිත් දිනා ගැනීම සම්බන්දයෙන් මෙම කදිම උදාහරණය සපයයි.

තුන්වන නීතිය -

අනෙකාට අවශ්‍යදේ වටහා ගැනීම

අප සෑම විටෙකම පාහේ යමක් කරනුයේ අපට යමක් අවැසි නිසාය. නමුත් යම් කිසිවෙක් අපේ අවශ්‍යතාවය ගැන නොසලකා කටයුතු කරන විට අපිට නිරායාසයෙන්ම තරහව ආවේගය පැමිණෙයි.

අනෙකාටද එසේම ය. අනෙකා සංතෘප්ත වන්නේ සිය කාර්‍යය ඉටු වූ විටයි.එහෙයින් කෙනෙකු වසඟ කරගැනීමට ඔහුට අවැසි දෑ ගැන කිරීමත් එය ලබා ගන්නා හැටි පෙන්වා දීමත් කදිම ක්‍රමයක් වන්නේය.

අපගේ අවශ්‍යතාවය පසෙක ලා පළමුව අනෙකාගේ අවශ්‍යතා පිළිබදව කතා කිරීම තුලින් නිරායාසයෙන්ම ඔහු අප කෙරහි ආකර්ශනය වීමත් අපගේ අවශ්‍යතාව පිළිබඳව උනන්දු වීමත් සිදුවේ.

Comments