කුඩා කල මා හට ඉගැන්වූ එක් ගුරුතුමියක් විටෙක පැවසුවේ සෑම විටෙකම "මම" යන වදන පසෙක තබා "අපි" යන වදන මූලික කොටගෙන සිතිය හැකිනම් මේ ලෝකය වඩාත් සුවදායි තැනක් වන බවයි.
නමුත් පෘතග්ජන වූ අප හැම විටෙකම තමාව මූලික කිරීම නිරායාසයෙන්ම සිදුකරයි. යම් අවස්ථාවක චායාරූපයක් බලන විට අපි පළමුවෙන්ම බලන්නේ මම ඉන්නේ කොතනද? මම ලස්සනට පේනවද?? කියනදේ. මිනිස්සු ඔබ හෝ මා ගැන සැලකිලිමත් වෙන්නේ හැම වෙලාවෙම තමන් ගැන සැලකිලිමත් උනාට පස්සේ.ඒක තමයි ඇත්ත.
"නිතර ව්‍යවහාර වන වචනය කුමක්දැයි සොයා ගනු පිණිස නිව්යෝර්ක් නුවර ටැලිෆෝන් සමාගම ටැලිෆෝන් කතා බස් වල යෙදෙන වචන කොටස් කර පරීක්ශණයක් කලේය. මේ වචනය කුමක්දැයි ඔබට අනුමාන කළ හැකිද? එය " මම" , "මා" යන පෞද්ගලික සර්ව නාමයයි. මෙම වචනය ටැලිෆෝන් කතාබස් 500කදී 3990වාරයක්ම යෙදී තිබුණි. "
එසේනම් හිත් ගැනීම ග්‍රන්ථයේ ඩේල් කානගී මහතා ප්‍රකාශ කරන අන්දමට මිනිසුන්ගේ සිත් දිනා ගැනීම සඳහා පවතින සිව් වන නීතිය වනුයේ "අන්යන් ගැන සම්පූර්ණයෙන් සැලකිලිමත් වීමයි."
අපි අනෙකා ගැන සැලකිලිමත් වන තරමට ඔවුන් අප කෙරෙහි බැදේ .එමෙන්ම ඔවුන් අප කෙරෙහි සැලකිලිමත් වීමට පටන් ගනී. සමහරවිටෙක රුපියලක් දෙකක් වැය කර ඔබ ගන්නා දුරකතන ඇමතුමක් මගින් කරන සොයා බැලීම ,අනෙකා කෙරෙහි විමසිලිමත් වීම ඉතා හොඳ මිතුරු සබදතාවයක් ඇති වීමට හේතුවක් වෙයි.
විවාහ දික්කසාද වීම් වලදී පිරිමියා හෝ ගැහැණිය බොහෝ විට අනියම් සබදතාවයක් ඇරඹීමට හේතුව වී ඇත්තේ සිය සහකරු තමා කෙරෙයි ඇති අවධානය අඩු වීමයි ." එයා මං ගැන බලන්නේ වත් නැහැ, මම උන්නද මලාද කියලා එයාට ගාණක් නැහැ" ඔවුන් චෝදනා කරයි.
බොහෝ මිනිසුන් බල්ලන් සඳහා දැඩි ප්‍රිය බවක් දක්වයි. "බල්ලා හරිම පරාර්ථකාමි සතෙක් ." ඔවුන් වර්ණනා කරයි .මෙයට හේතුව බල්ලා ඔහු කෙරෙහි දක්වන සැලකිල්ලයි.ඔබගේ අඩි ශබ්දය ඇසුනු පමණින් වල්ගය වැනීමට පටන් ගන්නා බල්ලා එයින් නොනැවතී ඔබට සියලුම ආචාර සමාචාර දක්වන්නේ ඔබගේ තනතුරු තානාන්තර කිසිවක් නොසලකමින්. බල්ලාගේ මේ ක්‍රියාව අපගේ ආදරය දැඩිව සොරා ගැනීමට සමත් වෙයි.
එසේනම්, ඔබට මිනිසුන් කැමති කරවා ගැනීමට උවමනානම් අන්යන් ගැන සම්පූර්ණයෙන්ම සැලකිලිමත් වීම ඉතාම වැදගත් ය.

Comments
Post a Comment